හඬන මුහුද

හඬන මුහුද

ශර්මිලා බන්දුනි දන්වත්ත

ඇයි මේ තරම් සුසුම් ලන්නේ.... ශෝක වන්නේ..... මුහුදකට උනත් පුළුවන් ද දරන්නට මේ තරම් කඳුළු රැළි නගයි ප්‍රේමයේ කඳුළු නිහඬයි....බරයි...ගැඹුරුයි මවුවරුන්ගේ කඳුළු ඉඳහිටක හමායන කුණාටු ඒ තමයි....... පියවරුන්ගේ කඳුළු බිංදුවන් බිංදුව එක්වේලා කඳුළු තැනුණාට සමුදුරු පිරිලා දැන් මුව විටටම ඉක්මවූවොත් වෙරළ ඉම ගිලී යනු ඇත දූපත් මෙන්ම මහද්වීපද Photo: Joseph Barrientos
කවිය බලන්න