කූඹියාගේ අයිති ය

කූඹියාගේ අයිති ය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

කූඹියා කවුද උගේ අයිති ය කුමක් ද කොහි ද ඌ කුඩා හෙයින් කවුරුවත් නොසොයති නොතකති නොබලති හැමගේ පයට පෑගී යන්නට නියමිතය දූවිලි වැනි ය පෑගෙනා විට ආපසු හැරි කෑවොත් සීනි බෝතලයට ලං වුනොත් නිසි දඬුවම් ය දඩ ගැසුම් සිර⁣ගෙවල් වැනි සිල්ලර දඬුවම් නොමැත තලා පොඩි කර දමනු ඇත. වරද සුළු වුව දඬුවම උපරිම ය ඒ කුඩා වීමේ ඉරණමයි උන් රංචු ගැසුනොත් බලකොටු අවුල් කළ හැකි බලවතුන් සිහි විකල් කළ හැකි ඒත් කෙටි කලකට උන් ගෙනා කල උන්ගෙ මිසයිල රංචුව ම අලු දූලි වනු නියත ඒ නිසා නෑ වගේ ඉන්න එක කොයිකටත් හොඳ ය මේ කූඹි කථාවයි උන්ට හිමි තැන උන්ගේ අයිති ගැන කථාවයි ධර්මයේ හැටියට කර්ම යයි. කර්මයේ හැටියට නං ගෙවා ම ඉවර කළ යුතු ය උන් මෙලොව උපන්නේ සමාන අයිතියක් ඇතිව ය එහෙත් වැඩි බලය ඇත්තෝ කූඹියා මායිම් නොකරති සමාන අයිති ය අසමාන වූයේ එහෙම ය කූඹියා යහතින් ඉන්නනං නොපෙනෙන්න සිටි ය යුතු ය කරන දේ නොපෙනීම කළ යුතු ය උන්නත් නෑ වගේ සිටිය යුතු ය මා පිය සබඳ ඔබ කැමති තැනකට මේ කූඹි කතාව පෙර'පර ගලපන්න කූඹියෙක් වුණත් අලියකු වණත් වෙනසක් නැත ඒ අලිත් කූඹි වන වෙලාවල් -තැන් ඇති හෙයිනි 14-05-2023
කවිය බලන්න