ආසිරි පැතුම්

ආසිරි පැතුම්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

දිලී තරු මල් පිරුණ සඳ මැද නිල් අඹරෙ සිරි මැවේවා මිදී දුක පිරි රෝග සා ගිණි බියෙන් සැම දන දිනේවා නිවී යුධ ගිණි ලොවේ දසතම සාමයේ මල් පිපේවා නව වසරෙ කවි රස ගඟුලෙ සැම කිමිදි කිමිදී රැඳේවා ළඳුන් සීගිරි ලෙනේ පානා මඳහසින් රාගෙන් මිදී සඳුන් සුවඳින් කාලිදාසයො දැවෙන සොහොනේ දුක දැනී ඉන්දු සයුරේ ඉගිලෙමින් ගොස් තාගෝර් රස උරමිනී ලොවේ නන් දෙස ගලන කවි රස උරමු නව වසරේ රිසී
කවිය බලන්න