නික්ම යාම

නික්ම යාම

කපිල කුමාර කාලිංග

නික්ම යමි අබිනික්මනක් නම් නොවේමැයි නැවත එමි නිදහසක් ඇවැසිය මට මද කලකට ඔබට ද එය ඇවැසි බැව් දනිමි මැද මහ වන පැන් පාසු තැනෙක හිඳ රුක් මුලක විදා දෑත් දෙපස හිඳින්නට රිසියෙමි. නිල් අහස් කුස දෙස නෙතු විදමින් සිතිවිලි ගනිමි එක තැනකට මිදෙමි සියලු ගිහි බැමි වලින් එහෙත් මා තවුසෙකු නොව යළිඳු දිව එමි කුටුම්බය වෙතට ප්‍රියයි මට ඔබ හා විසුම එහෙත් ඇවැසිය මට නිදහසක්-විටින් විට දනිමි එය ඔබටත් ඇවැසි බව නොගියත් දමා කුලගෙය. 2023/12/22
කවිය බලන්න