නොකියාම හිරු නික්මුනා

නොකියාම හිරු නික්මුනා

තරංගා දිල්රුක්ෂි

හිරුට සඳු හමුවෙන්න හිතුනත් හැන්දෑ අහසේ ලංවෙලා දැවී ගිණි ගෙන දිලෙන හිරු ලඟ ඉන්න සඳ නොඑනා නිසා වළාකුලකට මුවා වී හැංගුනේ සඳ රැවටෙයි සිතා ගොසින් දිනකර - මගෙයි ගොම්මන කියා සඳ ඒ යැයි පතා වළාකුලටත් නැතිව හිත් පිත් හනි හනික පාවී ගියා කණක ලෝහිත රජත හිරු රැස් අහස් ගැබ පතුරා තියා අදට යන්නට හිරු ගියා යැයි සිතුව සඳ එන්නට කියා පළමු අඩියම තිබ්බ එළිපත රැගෙන ආපහු ගෙට ගියා මුළා කර ඇස් වළා කැටියෙන් වසා රළු රැස් සඟවලා පුළුස්සා හළු කර දමන්නද හිතුවෙ රවටා ගෙන්නලා අසා සඳ එව් ලිපිය ලැබුනා හිරුගෙ රතු ඇස් දිලිසුනා කඳුළු මදි රළු රැස් නිවන්නට දැවෙන ගිණි තව ඇවිලුනා රළු රැසින් නොව ඔබ දවන්නට මුහුණ දකිනට සිත් උනා හැංගිලා ඒකමයි බැලුවේ උනු වරද මට තේරුනා දැවෙන රළු ගිණි නිවාගන්නට දියඹටම තව ලං උනා කියා ගන්නට සිතා උන් කව නොකියාම හිරු නික්මුනා
කවිය බලන්න