පාට

පාට

තරංගා දිල්රුක්ෂි

වළාකුළු අළු පාට වහිනකොට කලු පාට ඉර එලිය රන් පාට බහිනකොට රතු පාට මුහුද අළු නිල් පාට පෙන කැටිති සුදු පාට වෙරළ ඊටත් වෙනස් ලා දුඹුරු වැලි පාට මොකද මේ හැටි පාට හරි වෙනස් මේ පාට පාට පෙට්ටියේ වත් මං දැකල නැති පාට වළාකුළු අළු පාට වෙන්න පෙර කිරි පාට ඉර එලිය දවාලට රිදී මුසු සුදු පාට මුහුද හරි නිල් පාට පෙලක් තැන් කොල පාට සුපිරිසිදු සුදු වෙරල ලා ම ලා කහ පාට ජීවිතේ හැටි තමයි නේක විසිතුරු පාට නුඹ දැක්ක හැටි වෙනස් මං දකින මේ පාට Photo;Tharanga Dilrukshi
කවිය බලන්න