පින් පව්

පින් පව්

කෞශල්‍යා ජයලත්

වැවේ බැසන් මල් නෙළුවේ මං වෙච්චී නවේ ළඟින් ඉස්කෝලෙන් නැවතිච්චී දුවේ කියන් කීවේ මගෙ අප්පච්චී ලොවේ දනන් හට මල් කෙල්ලක් වෙච්චී ලෙඩේ දුකෙන් ඔත්පල වූ අප්පච්චී කඩේ ඉඳන් තනි රකිනා මලු හිච්චී වඩේ දෙකෙන් කුස රවටන තංගච්චී බඩේ බැඳන් පිහිනමි මම නැත නිච්චී හිමේ ගොසින් ඵල වැල නෙළු අපෙ අම්මා එලෝ ගොසින් අපෙ දුක් නම් නැත නිම්මා නිවේ අඟුරු ලිප් බොක්කේ කර පෙම්මා පිදූවොතින් බුදු පාමුල මල් අම්මා නෙළුම් මලින් මල් මාලා ගොතාගෙන සඳුන් දුමින් බුදු සමිඳුන් පුදාගෙන නිවන් පතන් තුන් සුතුරේ කියාගෙන දොහොත් මුදුන් දී වඳිනට කොහි ද පින විලේ නෙළුම් මල් යායට. පිපෙන්නේ මලේ නුඹෙන් විතරයි දන් ලැබෙන්නේ බලේ පනම් අපටයි දුක් දෙවන්නේ මලේ මිලට ඒ හින්දයි හැරෙන්නේ පවේ අරා මල් විකුණූ වැරැද්දිනේ භවේ පුරා මල් කෙල්ලක් වේ ද අනේ මඩේ එරී මල් නෙළු මට නැති ද පිනේ කුඩේ දරා මිලදී ගත හැකි ද පිනේ දැනේ නුඹට අපෙ දුක මට හිතෙන්නේ රනේ රුවට එනිසයි මල් පිපෙන්නේ බණේ අපට පහදා දෙන ලෙසින්නේ අනේ මලේ නුඹ සුර ලොව වඩින්නේ
කවිය බලන්න