අසම්මතය සම්මත වූ වගයි ......

අසම්මතය සම්මත වූ වගයි ......

රංජිත් ද සිල්වා නවසීලන්තය

මනමේ සොයුරිය - ප්‍රමිලා සොයුරිය අද මෙන් හෙටත් කවදත් - රසික ලොවේ ඔබ මනමේ කුමරියමයි - ප්‍රමිලා කුමරියමයි තවමත් ඔබ ඒ යොවුන්වියේමයි ඔබගේ ප්‍රේමය - කවුරුන් හෝ කීවද අසම්මතයයි - තහනම් ප්‍රේමයකැයි ඔබේ....... සිතතුළ රැඳුනේ පෙම්බර අවියක් සීමා මායිම් බිඳලන සවියක් අදටත් ඔබ ගැන - ලලිත කලා ලොව අගයන ගැදි පැදි - රඟනා රැඟුමන් දහසක් දෙනගේ - කලාකාමි සිත් ප්‍රේමයෙන් රන්ජිත වෙන්නේ සක්මන් මළුවේ පියුම් පිපෙන්නේ අසම්මතයේ සම්මත වූ - ඔබේ ප්‍රේමයේ සරා සඳ රැසින් 28 සැප්.2023
කවිය බලන්න