Pick me ද Uber අප

Pick me ද Uber අප

ලලිත් ද සිල්වා නුගේගොඩ

නාස් පුඩු කිතිකවන රස බොජුන් සුවඳ සැර බඩගින්න සිඳ දමයි හිත ඇතුලෙ කඳුළු ගඟ .... කෑම වල සුවඳ මිස ඒවාට අකැප අප ජීවිතය ගැට ගසන Pick me ද Uber අප බැරිස්ටා ජාවා Lounge Coffee Shop පසු කරන් තාප්පයෙ බෙල් ගසා හාමුලා අඬගසන් ප්‍රමාදෙට වැඩි බැනුම් වියළි කඳුලින් තෙමන් හිස් අතින් ගෙදර එමි පොඩි එවුන් ඇත බලන් 13.09.2023
කවිය බලන්න