අසිරිමත් සොබා දම

අසිරිමත් සොබා දම

මල්ලිකා කුමාරසිංහ බදුල්ල

සැලි සැලි මල් පොතුරක් තුරු මතේ වෙලි වෙලි වෙලි නැලැවෙත් මගෙ සිතේ දිලි දිලි විහිදෙත විල් දිය වෙතේ යලි යලි ළබැඳේ රූ සියපතේ මත් බඹරුන් සමනල් මී කැලා වත් සිඹිමින් රොන් සුණු තවරලා සිත් පුබුදා සතුටින් පුරවලා සත් වෙත පිළි ගන්වයි පල වැලා පත් තිදසෙහි අසිරිය බන්දලා සිත් පුබුදයි අහසේ රන් වලා නෙත් අදහනු බැරිලෙස රන්දලා යත් සියොතුන් මේකුළු හංගලා හති දුරලයි රිදවුම්දෙන වදේ මැතිරෙයි මල්සර ගී හද මැදේ සිතිවිලි දස අතටම පෙළ සැදේ අති රමණීයයි සිරි මේ උදේ
කවිය බලන්න