උල් අඩි සපත්තු .....

උල් අඩි සපත්තු .....

චමරි වික්‍රමසිංහ පිලියන්දල

ඒ රතු මැයි ගස යටින් යද්දී තිබුනා කියන්නට කතාවක විත්තී මල් පිපෙන කාලයටත් යටත් වෙද්දී නොබලා ඉන්නේ නෑ ඒ තතු විත්තී ඊයෙ පිපුනු මල් අතු හැර දමා,යද්දී බඹරෙක් රමණය කල මලක් ඒ අතර වෙද්දි ඵල හට ගන්න කලින් වැටුනාද රත්තී. කියා,හැඬුවා ඒ අතු ඉත්තී පාරෙ යන නෝනලා පාගද්දී අඩි උස සපත්තුවට පෙති හිල් වෙද්දී අර රමණය කල පොඩ්ඩී එතනම මියදුනා ගැබ දැරූ ඇත්තී පාරෙ ලයිට් කනුවට මුවා වෙද්දී කඳ කොල උදවු කල ඒ ඇත්තී ඈ මේ මැයි කඳට පිට දෙද්දි රෑ ගනනක රහස් ගස දරද්දී වෙනස් මූනු නුඹ හැමදාම ඉඹිද්දී බඹර වෙස් ගත් උන් හා,ලගිද්දී කට ඇරියෙ නෑ නුඹ රත්ති වැදූ පැටියා ඈ පාගද්දී.
කවිය බලන්න