අම්මා

අම්මා

ඩී.කේ.එච්. සම්පත්

දරා දුක් ගිනි එය නොපෙන්වා විරහවත් විඳ නුරා සැප හැර නිරාමිස සුව ලැබිය යුතුමය මතු දිනක ඔය හදට ගෙන වෙර පුරා හද සේ අඳුරු අහසේ කලු වලාවන් ටික ඉවත් කර අරා වැඩ හිඳ මගේ දිවි මග එලිය කළ මැන මව් දයාබර දරුවො ලඟ කොයි මොහොතෙදිත් මව් ළය මඬල සීරුවට උණුවේ කුසට රස මසවුළු නැතිවම යි දුක දරා රජවරුන් තැනුවේ හිත් නිවන සනසවන පද වැල වීය ගැයෙනා මිහිරි තනුවේ රැජින සේ සිහසුනක වැජඹිය යුතු බැවිනි නුඹෙ ගුණම වැණුවේ කදු මුදුන පල්ලම බහිද්දී මුළු සිරුර දහදියෙන් තෙම්මා මෘදු සිනාවෙන් හැඟුම් මැඩගෙන වෙහෙසකර බව ඉවත දැම්මා වැදු පිනෙන් ,විවරණ ලැබූවත් සුවය විද ගැනුමටත් සම්මා බුදු වන්ටවත් වෙලාවක් නෑ දරුවෝ මත්තෙම නහී අම්මා
කවිය බලන්න