අනියම් බිරිඳකගේ පහස විඳි සෙනෙහේ වන්ත සැමියෙකු

අනියම් බිරිඳකගේ පහස විඳි සෙනෙහේ වන්ත සැමියෙකු

ඩී.කේ.එච්. සම්පත්

පැද යන විට පෙරට ජීවය නමැති රිය අවැසි කම් ළඟදි ඉඳහිට නතර විය ඉසුරින් සපිරි වුව කකියන දුකකි ළය දිය ඇති මුත් සයුර පිපසට නොරිසි විය පෙර කළ දෙයිනි පසු ලොව හැම දේ ලද්දේ හරි මං නොදැන සිත ඒ මේ අත පැද්දේ වැරදිමකින්දෝ මල් සර දුණු විද්දේ බර වැඩි යැයි හැඟේ අතැඟිල බැඳි මුද්දේ ගත් දින පටන් මා දිවියට ඔබේ අත පුදුමයි පැව සෙනෙහස කර බැතින් සිත වාවණු නොහැක පෙර දා ළය නොවුණි තෙත බැරිවිය ඉඳින් රැකුමට මට පතිනි වත නොදිටිමි දිනක් නැති මුව පිරි සිනාවන් ලය දුක් සඟවමින් වුන් හැටි මනාවන් දැකුමත් කම්කළුයි එය මනපිනාවන් නුබ වන් කතුන් ලත් හිමි වාසනාවන් අත් පා මෙහෙවරින් සන්ග්‍රහා කරන්නී මා සැප පතා තුන් යම නිදි වරන්නී ඔබ ළය රිදෙන තැනටම වැඩ කෙරෙන්නී ඉවසුව කෙළෙස සත් පත්තිනි ඇතින්නී හිත හිලෑ වෙලා පෙමකට අසම්මත නිළයෙකු තුටු නොවෙයි තැබුවද මලක් මත නොයනට යලිත් කීකරු නැත මගේ හිත අභිනික්මෙනු මැනවි තරහක් සිතේ නැත
කවිය බලන්න