සමන්තා

සමන්තා

නිමල් අබේසිංහ කඳාන

නිශා කලෙහි නිල් නුබ ගැබ දිදුලන තාරුකා වසා තුරෙහි පිබිදෙන්නේ මියුලැසි සේපාලිකා මුසා නොවෙයි පාරිශුද්ධ නුඹමය බාලිකා ලසා බිමට පතිත වුවද පිසදාලමි ගතෙහි වාලුකා ගතේ සුවඳ මල් මුව රද දසත පුරා හමන්නේ විතේ බමර රස මුසු තැන් ආලෝලන කරන්නේ නැතේ සුහද නුඹ හැර අන් මලක් වෙතින් දැනෙන්නේ මතේ නැවත නැවත මගේ සිහියේමයි රැඳෙන්නේ තුනුව සුයාමය මල් කෙමි ලීලා සදහන් උනුව ඕඝ මදිරා යයි ගලා අරුණුවන් බිණුව වදන් සිත මිහිරෙන් වැඩීය අභිමන් ගනුව ගනුව මා ඇමතී නුරා උමතුවෙන් සරා සඳ ඉසී සිසි කිරණ මත සේපල් පුරා නිදි නැති රැයකි රුක් මුලෙහි ඕපල් දරා ගත හැකිවේද අනුරාව ආ කල් මරා මිණ නුඹයි මට කල් බඳේ මනකල්
කවිය බලන්න