නිමිති

නිමිති

චාන්දනී ආර් වේරගල මීගොඩ

සියළු සෝ තැවුල් සෝදා හරින සිහින ලොව ගෙනත් මිහි මත තබන හිත මිතුරු සාදයේ රස විඳිමි අතින් අත පාවෙමින් තොල් සිඹ්න පෙණ පිපී උතුරමින් ගලා යන මධු බඳුනක් ය ජීවිතේ නුරා නෙත් නිබඳව ම ලුහුබඳින සුමුදු බඳ පුළුලුකුලු සලිත වන රඟ මඬලෙ එළි ද දැල්වෙන නිවෙන ගිගුම් දෙන සිනා හඬ ළඟ හිඳිමි මිහිරි රස ගුලාවක සිත රැඳෙන මී වදයක් ය ජීවිතේ අකාලයෙ පෙති සැලී මිලින වුන භද්‍ර යෞවන කුසුම කරින් ගෙන ඇදෙන පෙරහැර සමග පා නගමි සුසානයෙ බොල් පොළව තෙත් කරන කඳුලු වැල් ඇදෙයි රූරා නයන පිනි බිඳුවක් ය ජීවිතේ කහ සිවර දරාගෙන උර මතින බැති බරව බිමට යොමුවූ නෙතින වැලි මළුවෙ සෙමින් පියවර නගන බුදු පුතුන් දෙපා මත සිත තබමි පරම පිවිතුරු ලෙසට මඩෙන් පිපි සුදු නෙළුමක් ය ජීවිතේ
කවිය බලන්න