🌹....එක දවසෙන් මව්ගුණ සැමරුම.....🌹

🌹....එක දවසෙන් මව්ගුණ සැමරුම.....🌹

නදී ශානිකා මහනුවර

හැඩ වැඩ කළා මේ ජීවිත වල ගමන අම්මා නැමැති දෙවඟන මෙලොවට පැමිණ බුදු හිමි පවා ඇත මව් ගුණ කඳ දෙසන.. නිවසේ බුදුන් ලෙස ඇය හට නම තැබින..🌹 උදයේ සවස මවගේ දෙපතුල අල්ලා කීවත් අම්මගේ ගුණ කඳ ගැන දල්ලා සත්තයි ඇති නොවෙයි මව් සෙනෙහස ඉල්ලා උල්පත වගෙයි දාරක සෙනෙහස ගල්ලා...🌹 මවසතු නොනිම් කරුණා ගුණයෙන් පාවී සැනසූ ලොවම ආදර සිහිනෙන් දේවී එතරම් උතුම් ගුණ කඳ සිහියට ඒවී කිමදෝ මවට කැප එක දිනයද පේවී....🌹 ඇගේ මුළු දිවිය දරුවන් හට කැප කරලා දරුවන් නිසා කඳුළැලි සයුරක් හෙළලා වසරක් තිස්සේ තම මව අමතක කරලා කුමටද ඉතින් මව් උපහාරය පුදලා ....🌹 අසරණ මහළු අම්මා ඇදගෙන කුදලා ගෙන ගොස් ඇගේ පුතු මව මඩමට දමලා මව් දින සැමරුමට ඔහු අද දුව පැනලා කුමටද මෙවන් අය මව හට වැඳ වැටිලා ....🌹 බටහිර දේසේ මිනිසුන් දින වෙන් කරලා සමරා සතුටු වන මුත් මව් ගුණ ගයලා කුමටද අපිත් ඒ අය පසු පස වැටිලා සැමදා ගයමු ගුණ මව දෙපතුල වැටිලා ....🌹 මව හට පියා හට දින දින වෙන් කරලා ජලයට ගහ කොළට තව දින වෙන් කරලා කුමටද දවස් තුන් සිය හැට පහ බෙදලා නොසිතා සිටියි නම් මේ ගැන මම ඔබලා ....🌹 දින වෙන් කෙරුම නැහැ නොවැ වැදගත් වීලා වටිනවා සැලකුවොත් සැමදා සිහි කරලා මව සහ පියා දෙපළම සතුටින් තියලා සැනසෙමු අපි සැවොම සතුටින් පින් පුරලා ..🌹
කවිය බලන්න