නොදන්නා නෑකම්

නොදන්නා නෑකම්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

මලක පෙති දෙපෙති අදරින් සිප ගන්න මුලක නෑ පැතුම් මලකට ලන් වෙන්න ඇහැකි මුත් මලක නෑකම පවසන්න මුලක නෑ උගුල් පොලවෙන් මතු වෙන්න ගල් මුල් කැට කැබලි මර සෙන් හා සටන හිරු සදු තාරකා කිසිදා නොම දකින අතු කොල සුඹුලු මල් දලු නිහඩව රකින මුල බෝසතෙකි බණ පදයක් නොම දෙසන අම්මා පොලව, පිපිරී, පා රිදුම් දෙති දඬු පොල් පුවක් ගස් පඬු පෑ රෙදි ලිහති හිරු කෝපයෙන් ඉහ උඩ කොඩිවින කරති නා ලොව පැන් සොරා ගෙන මුල ගස රකිති උදුවප් දුරුත්තත් විටකදි ගැහැනු වැනි නිරුවත් කරති, අතු ඉති උන් රහස් දනී කැපුවත් නොයමි, කී කොල දලු කඩා පනි බැලුවත් සැපයි, මුර ගැ අතු වැටේ ඉනී බිඟු කැල මල වටා ඇරයුම් ලැබ සරති පෙම් ගී ගයා දෙඅදර මදු රස සොයති මලේ මුලේ නැකම් ගැන නොම දනිති මලින් උපන් කුමරියො ගැන කවි ලියති
කවිය බලන්න