කොහෙද පුතු නේ යන්ට යන්නේ

කොහෙද පුතු නේ යන්ට යන්නේ

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

එපා පුතුනේ .......යන්නට නොඑන්න ම වාගේ ...මේ ..රට හිත හදාගෙන - අම්මා ... කියන්නේ කොහොම ද -නුඹ ට ... තව .ටිකක් ඉවසන්න ට පැළඳ ලා දොස්තර නලා - ඉංජිනේරු කබා ... පරි පාලනයෙ -උස් පුටු අරා .. මගෙ පු⁣⁣තේ නුඹ - ගම්භිර වෙස් දරා ...හිඳිනු දැක - කඳුළු ආවා දෑසට - ලය -කකියවා ..ආ සතු ට සිඟා ගෙන වුත් අල්ලට කුසට අහරත් දුන්නා පෙරා රුධිරය සිප් කිරි සම සිතින් මම නුඹට දුන්නා අනේ නුඹ - කිම දෝ ..කළේ මුතු කුඩය ට- මගේ ..සේසත ට මගේ කණ කර ද- උගසට ගියා.. වට- පිටින් ඇවිදින් අහනවා .. තව -විකුණන්න දේ තියනව ද - බෑ තවත් කුස පුරවන්න .. බත ඉදෙන ලිප මොල වන්න ට... නුඹෙ අසුන්ටත් අස් බල දෙන්න ට ගැලවිලා යන් මේ විපතින් පණ කෙන්ද ගෙන දුරු රටකට... නුඹ කොහේ හිටියත් කමි නෑ .. මට- දුක් කරදරත් නැතිනමි නුඹට .. වෙලාවක් තිබුනොත් ඉඳ හිට .. පෙරලලා සිතියම -ඉන්දියන් සාගරේ බලාපන් මගෙ පුතුනේ .. ඉන්නව ද අම්මා -හිටපු තැන -තවම.. මං දන්නවා නෑ වෙලාවක් -නුඹට ... මගේ දුක සැප හොයන්නට උපයනා ඩොලරයත් - නුඹ .. හොයන්නේ දෙන්නට - වැඩි ගානට.. එපා නුඹ දුක් ගන්නට ...මං ගැන අයියලා ඉන්නවා වට පිට මා ගැන බලා ගන්නට 16-06-2022
කවිය බලන්න