දියණියකගේ ගීතය

දියණියකගේ ගීතය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දිළිදුකමේ කලු මේඝ තලා පෑයූ අයුරු එදා දිවිය අහසේ අනන්තයෙ සිට දිරිය සෙනෙහේ සලා සෙනෙහසට ඔබෙ නමින් ගයමි මම ගී පෙමින්... ඔබේ දෑතේ රැදුණු සළුපිළි ඇගිලි පොරකා මැකුව හෙලුවැල නිවාලන්නට අපේ කුසගිනි උගෙන ගන්නට “අ” යනු “ආ” යනු මැළි වුණා නම් නුඹේ හදවත දහස් වර මැරී-මැරී ඉපදිනු නොඅනුමනයි පියතුමාණනි! සෙනෙහසට ඔබෙ නමින් ගයමි මම ගී පෙමින්... සුගුණ ගීයක් ගයන්නට මට ලැබුණු ඇරැයුම අගැයුමක් විය ඔබෙන් උදුරා ගතිමි දිවිහඩ සොරකමට නොව සෙනෙහසින් ඔද ඒ හඩයි මේ ඇසෙනුයේ ඒ හඩයි මේ ඇසෙනුයේ!! සෙනෙහසට ඔබෙ නමින් ගයමි මම ගී පෙමින්!!! 1.02.2023
කවිය බලන්න