“මුහමාලේ සුළඟ

“මුහමාලේ සුළඟ" හැමුවා

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

හද ගැහෙන හඬින් කොඳුරා මුහමාලේ සුළඟ හැමුවා පණ පිටින් වැළලි මිනිසුන් නගන සෝ සුසුම් දැනුණා අහස ගිනි අරන් දැවෙමින් යගුළි මහ හඬින් වැස්සා පණැති නැති සියල් සුන් වී ලෙයින් තෙත්වෙලා නිවුනා සිත් බිඳෙන සුසුම් හංගා මිහිකතින් හුස්ම නැඟුනා මේ කතා දරා දවටන් මුහමාලේ සුළඟ හැමුවා රැය පුරා දවල් එළි මැව් යුද්ධයේ සැරින් දැවුණා කාලයක් පුරා පැසවන සුසුම් හරි බරට දැනුණා මුහමාලේ සුළඟ හිත මත දිය කරන කඳුළු අමුණා මවුන් කොයි දෙසේ සොයනා පැටව් ඉකිබිඳිනු ඇසුණා උතුරෙ වාගෙම දකුණෙත් මළ ගෙවල් බොහොම තිබුණා අයිතියක් නොමැති පොළොවට බෙදී බෙදී දරුවො නැසුනා පණ පිටින් වැළලි මනුසත් සෝ සුසුම් හොරෙන් හංඟා උස් පහත් වෙමින් පස් පිඬු පොළොව හුස්ම ගනු පෙනුනා.... පසු වදන - ශර්මිලා විනෝදිනී විසින් රචිත මුහමාලේ සුළඟ කෙටි කතා සංග්‍රහය කියවන අතර ලියූවෙමි. (සිංහල බසට පරිවර්තනය - ජී ජී. සරත් ආනන්ද විසිනි ) පින්තූර සැකසුම - නුවන් තරංග වික්‍රමගේ
කවිය බලන්න