තව්තිසාවට හරි ළඟයි

තව්තිසාවට හරි ළඟයි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

උතුරු කුරු දිවයිනට අදත් හිරු වඩිනවා තව්තිසා පුරවරට හරි ළඟයි හිතෙනවා කාක වසුරෙන් ඉපදි කප් රුකක් තියෙනවා නේක ඉසුරෙන් සපිරි උන් තුටින් නටනවා තණ බුදින සුරබිදෙන ඔහේ සැරි සරනවා පරපුරෙන් පැවත එන අය රජුන් තනනවා මාතලී හිමි කරන් තෙල් උනන උල්පතක් බූලීයෙන් තෙල් බෙදයි ලැබ විලස සිතුමිණක් ඇහැරි පරසතු මලුත් පරනොවී තියෙනවා ඉඳුණු ඵල ඇති නදුන් උයන කුස නිවනවා අරලියා ගහක් යට පඬු අසුන පෙනෙනවා හීතලට ගල්වෙලා එතන හිම මිදෙනවා වයිම ඇවිදින් තවත් මිලත් අඩුකරනවා සක්‍රයා වයස මුත් තව බලය තියෙනවා xxxxxxxxxxxxx අහෝ සිරිලක් බිමට මෙන්න හිරු නගිනවා ඇහැරෙන්න ඇහැරෙන්න එළාමය කියනවා
කවිය බලන්න