නැඟෙන් ඔය ගිලන් යහනින්

නැඟෙන් ඔය ගිලන් යහනින්

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

ගලා යයි කළු ගඟ ගලින් ගලට පැන වෙනදා ගැලූ විලස ම නුඹ කොහි ද දේශාටකය සොයා සොයා එහි නැමි සරා කඳු හෙල් මුඳුන් පටු මං අතුරු මං පසු කර ලංකලා ඒ සොඳුරු අප ට පරදු කර නුඹ දිවිය රඟහල ද කරළිය ද තුෂ්ණිම්භූත ය නුඹ ගිලන් ඇඳ බව උහු නොදනිිිති මහාවංශය කනප්පුව මත පෙරැළි බලා ඉන්නේ නුඹ එනතුරුයි අලුත් විවරණ අසන්නට නැඟෙන ඔය ගිලන් යහනින් පනාපුත්‍ර ය අවසන් නොකළ දේ තවත් බොහො ම ය නුඹ ම මිස වෙනෙකකුට බැහැ ඒ කිසිත් නිම කරන්න ට 20-08-22
කවිය බලන්න