නුඹ නැතිව නුඹ එක්ක..

නුඹ නැතිව නුඹ එක්ක..

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

කෝච්චිය මරහඬ නගා බැණ වදින අන්තිම විනාඩියෙ දිවූ පාන්දර ඉඳහිටක ලැබෙනවා යුගල අසුනක් කවුළුව කොනෙක මට ඔබ පතා සති අවසන ආ යාල්දේවියෙ අනුරපුර සිට.. දිව්වාට වේග⁣යෙන් ජීවිතය වාගේම තාම තියෙනවා බොහෝ තැන්වල මතක සැමරුම් හිත නැවතුන.. කවුළුවෙන් පිටත, දුම්රයේ.. ඔබ එක්ක... මිහිරි සුමිහිරි.. යළිදු යන්නට බැරිවුණ... ගාළු මුවදොර සරැලි ගී ඇසුව.. පාළු ගෙල පපුතුරේ සැගවූව එදා... මාලිමා තිබුනේම නැහැ ප්‍රේමයට.. බැඳුණු අතැඟිලි තදකොට යාල්දේවි දුම්රියේ පසුව ගිය හැමදාම.. තැනෙක දෙතැනක හැර පෙනුනේම නැහැ කවුළුව එපිට.. බොහෝ දුක් තැවුල් කරදර අතර දූ පුතු ද කැටුව යන දිනෙක ද මීදුමයි දස අත කවුළුව එපිට පෙනුනේම ඇසුනේම උන් මිහිරි හඬ රුව තනිව යන දිනෙක දී දුම්රියේ , ඇතුගල පෙනෙන මායිමේ.. ඒ මහා බර තවමත් දැනේ.. පීලි අතරින් දුවන දෑත් පටලා ලංව පෙම්වතුන් මැද , වේදිකාව ද අතැර අත ඇරුණු නුඹ සොයමි... කවුළුවෙන් හිස යොමා එ ගල මුදුනත රුව ද සුව සොයමි... පපුව අත ගා බලමි නුඹේ දිගු කෙහෙරැලි සොයමි..
කවිය බලන්න