හිටියා ඔය ඇති

හිටියා ඔය ඇති

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

මතුවට බිහිවෙන ගැමුණු කුමරු ඔබ මතුවට බිහිවෙන වෙහෙර දේවි ඔබ හෙළයින්ගේ මහ ශක්තිය - දැනුනෙ නැද්ද දරුවනේ පුරාණ නටබුන් අසිරිය - හැඟුනෙ නැද්ද දරුවනේ තිසා වැවේ යෝධ බැම්ම - දුටුවෙ නැද්ද දරුවනේ සීගිරි කූඨයෙ සිරසට - නැඟුනෙ නැද්ද දරුවනේ මුඩු බිම් සරුකල බිම් විරුවෝ - කෝ අද ඒ දරුවෝ දාගැබ් වැව් බැඳි රජ දරුවෝ - කෝ අද ඒ දරුවෝ යුධ බිම සරුකළ රණ සුරුවෝ - කෝ අද ඒ දරුවෝ හෙළ මව ලද පින්බර දරුවෝ - කෝ අද ඒ දරුවෝ නැගිටිමු නැගිටිමු සිටියා ඔය ඇති - කුසීත කම් හරවා දුරලමු දුරලමු දීන චින්තනය - නිවහල් සිත අරවා පෙරලමු පෙරලමු පස හෙල පොළොවේ - මුඩු බිම් සරු කරවා පිහිටමු පිහිටමු තුන් සරණේ තෙද - සිරිලක හෙලි කරවා නාලිනී කොඩිකාර ගේ සතුට දන්දෙමි’ පොතෙන් උපුටා ගන්නා ලදී
කවිය බලන්න