නොදුටු සැපත

නොදුටු සැපත

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

රෑ කල දුටු සිහින අතර - බිය චකිතය ලොබ නොම විය විදුලි එළිය නැත විහිදුන - හිරු බැස ගිය කල අඳුරුය නුඹ බැසගෙන කඳු කරදර - පසුකරගෙන දුර මහ මග ගුරු හද ගෙන සිල්ප ඉගෙන - හිරු මල විට ආවෙය ගෙට සොඳුරු කපුරු සුවඳ වහන - පංසළ තුල පහන් එලිය කලා මැදිරි කහ තිත් එළි - නුඹෙ නෙත් යුග පහන් කලෙය වෙල් යායේ කැපුනු ගොයම - පාගාගෙන ගෙට ගෙන ඇත සතර අතම බැතේ සුවඳ - නුඹ ගත සිත පුබුදනු ඇත නියර දිගේ වක්කඩ පැන - ශිප් හල වෙත නුඹ ඇදුනෙය අඳුර කපා එලි වන විට - නුඹ අඳුරට සිනාසීය කළු පාටට කොස් ලඳුවල - අඳුර නුඹට සිනාසෙනව නුඹ අඳුරට අඳුර නුඹට - ඇඟෑලුම් කමක් දැනෙනව විසල් මැදුරු දිගේ දිලෙන - විදුලි බුබුළු විකල් එලිය නුඹේ අඳුර කපා දමා - නුඹව පාපයට අදිනව සොබා දහම නුඹට දීපු - නුඹේ සතුට උදුරාගෙන ඉබාගාතෙ බඩගානව - අඳුර නුඹට ආදරයෙන් නුඹ පස්සෙන් සදා එනව බෝ අතු නුග නාගස් පිරි - රොද අස්සේ අඳුර පිරේ රෑ යාමේ එහි ගිය විට - අඳුර නුඹට හාදු දේවි අඳුරේ පිරි සිසිල කැවී - නිවන් ගියා සේ දැනේවි අඳුර බදා ගෙන දෑතින් - නුඹ වික්ෂිප්තව හිඳීවි
කවිය බලන්න