ගමක සිරියාවයි    අවුරුදු උදාවයි

ගමක සිරියාවයි අවුරුදු උදාවයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දුරුතු - නවම් - මැදින් - බක්මහේ දි කොහාගේ නාදයි බක් - වෙසක් - පොසොන් - ඇසල බුදු රැස සිරිසර සාරයි නිකිණි - බිනර - වප් - ඉල් මස ගත සිත මන සුව සාදයි උදුවප් මස සීත හිම ගිරෙන් අවුරුද්දක් පාදයි... (දොළොස් මසක් ඉවර වී - නව අවුරුදු සිරිය දී)// රන් ගොයමේ කරල් පැසෙන අටුකොටු බත-බුලත පිරෙන වැට අද්දර කිණිති ඇදෙන එරබදු මල් කොමළි නටන කෙත- හේනට උඩින් පියඹ සැගවි- සැගවි කොහෝ කියන කොහා කොහොම - කොහේ ඉදන් ආව ද අවුරුද්ද රැගෙන... (වැට ළග සිරි දේවී - රතු එරබදු දේවී)// මුතු හර-බර සිනා නගන ඉදුදුණු වරලස මුදවන මිණි-කිංකිණි පා සළමින අවුරුදු දේවිය ද වඩින මුකුළු කොවුල් හඩට එතෙන පල-වැල සුවදට රස දෙන රබන් පදට සැරසෙන රතැගිලි මැද කවි-ගී නැටවෙන... (රබන් පදට සැරසිලා - රතැගිලි නැටවෙයි වයා)// හෙළ සිරිතට - විරිතට නිති ගරු-සරු-සැලකිලි දක්වන හෙළ දන සිත පුබුදු කරන් දෑතෙහි සිරිකත නළවන පෙළ හිද වැඩිහිටි උදවිය තරුණ කැළට දෙන ඔවදන මෙලෙස ම වසරක් ගිය විට බොදු සිරිතකි ඔප නංවන... (සුරකිමු හොද සිරිත - වැඩිහිටි හැම නැමද)// බුලත් හුරුල්ලක් අත් මැද තබා වදින ගුරු දෙගුරුන් අලුත් වසට ආසිරි ලැබ ගනුව කමා ගෙන වරදින් සලුත් පැළද අලුත් පිළි ද තලුත් ගසා රස කරමින් කෑමට යන හිත සතුටින් ඔපවත් වී නෙක පාටින්... (බතක් ඉදෙයි උතුරලා - ලප්ගල මත හිනැහිලා)// කැවුම් කොකිස් මුං අලුව ද අතිරස පැණි වළලු රසට දුම් මැස්සෙන් බිමට බහින හැඩ දුටුවෙ ද හරි නැකතට අලුත් හාලෙ බතක් ඉදුණු කිරි උතුරා කිරි රසයට බුදුන් වැදල මුළුපවුල ම රොක් වෙයි මේසය වටේට... (කැවුම් කොකිස් අග්ගලා - කන නංගිල - මල්ලිලා)// බඩ පිරෙන්න කෑ කිරිබත සිත පිරි කළ කෙළි සෙල්ලම හැඩ බලන්න කැටපත ළග අලුත් ඇදුම්වල ලස්සන වැඩ අල්ලා ගනු - දෙනු කර පැල හිදුවා කළ ගොවිතැන ඉඩ - කඩ - ගොඩ - මඩ දියුණට ලැබෙන අලුත් ගුරුහරුකම... (ගිය අවුරුද්දට වඩා - මෙවර ගෙනෙයි වඩ - වඩා)// ඉපැරැණි සිරිතට - විරිතට කද බැද නෑගම් බද යන ඉහ - වහ ගිය සතුටු සිතින් දැක හදවත් කතා කරන ඇණුම් - බැණුම් නොහොද - නරක ඉවත දමා යළි ළංවෙන හදවත් නිති පොබ කරමින් නව වසරට අසිරි සලන... (හැමට ම සුව සෙත දේවා! සුභ නව වසරක් වේවා!!)/// 2022.04.01
කවිය බලන්න