ඉරණම

ඉරණම

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

නැගී කන්දක ඇතුළු ගැඹකින් එතී සුළඟට කතා කියමින් ඇදී යද්දි බුබුළු නගමින් බිඳේ මග තොට දරුණු නියඟින් වැටී වැස්සක් සොඳුරු අහසින් පිඹී හුස්මක් යළිත් අදරින් පැලී ඉරි ගිය වියළි පොළවෙන් පිපේ හසරැල් අසුරු සැනකින් මැකී නැවතුම් තිතම සිතකින් රිදී දියවර නිම්න අතරින් ඇදී සමුදුර ගැඹුර සොයමින් රැඳේ ඉරණම මෙයයි කියමින්
කවිය බලන්න