තවලම් කරුව නුඹ නොනවතින බව දනිමි.

තවලම් කරුව නුඹ නොනවතින බව දනිමි.

තුෂාරි ජයසිංහ මහනුවර

ගමනාන්තය බොහෝ දුරකින් ය පැවසු ලෙස එකම එක් නැවතුමකි දිගු රැයක් කෙටි කෙරුව බොහො නැවතුම් තියෙයි නුඹෙ ගමන අතර තුර නවතින්න නොකීවේ ඒ නිසයි තවලමට. අම්බලම් වල කොහෙද තිර පදිංචිය ලිපින මග තොටේ බෝ දනා නැවති මදකට හිඳින ඒ නිසයි කිව්වෙ මම උප්පැන්නෙ කුමකටද? කෙටි කලක පමාවට නවතිනා නැවතුමට නොකියාම පිටමංව යන්න තවලම් කරුට අගුලු නොදමා තැබුවෙ මහ දොරට පාන්දර යනෙනතුර සිතාවී මතු නවතිනා තැන මල් පිපී හිනැහේවි අදත් හිරු නැගෙන විට හීන පොදි රන්දාපු ගිම් නිවන නවතැන සිහිනයක් වගේ වත් මතක නැති වෙයි උඹට.
කවිය බලන්න