ලයිට් සහ වතුර ඉතුරු වෙලා තිබුන නිසා දැම්මෙ නෑ

ලයිට් සහ වතුර ඉතුරු වෙලා තිබුන නිසා දැම්මෙ නෑ

වජිර ජයවර්ධන

ලයිට් සහ වතුර ඉතුරු වෙලා තිබුන නිසා දැම්මෙ නෑ ලයිට් සහ වතුර ඇති නෑ කමකි මිතුර කළුවරේ වත් දකිමු නොවී පස මිතුර වියනක් වගේ බැබළුණ තුරු වැල් කැපුවා ගමින් ගමට උදාන දී එළි කෙරුවා එයින් ලැබුණ එළියෙන් සැණකෙලි නැටුවා මාරු වෙවී නොඅඩුව ඒ වැඩ කෙරුවා කළුවර වුන මොහොත බරට කරගෙන අවිය කලතනා විට ගලිය නොපෙනේද ඇති වළිය මේ අය නෙමෙයි ඊළග අය එන විටදිත් ඇසෙයි හැම දෙසේ කා කා හඬ සද්දෙන් මඩ ගෙන අනා කලතා ගුලි මේ පැත්තෙන් වීසි කර කර නටාවි උන් මහ සද්දෙන් කැලෑ කපා තව තව එළි නංවාලා දියුණු වෙලා එමු සැණකින් කොළඹ බලා සෙල්ෆියකුත් ගසා තව තව උදම් වෙලා යන විට වදිමු දණ හිස දී බිමට නමා අදම මෝඩ අමන ගතිය දුරු කරමු දහයක් වවා එක ගස ගානේ කපමු භූතානයෙන් අපි පාඩම් ඉගෙන ගමු සෝඩා පෙන වගේ දියුණුව ඉවත ලමූ.
කවිය බලන්න