බෝසත් ගොවියා අපාගත වීම

බෝසත් ගොවියා අපාගත වීම

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

කුරුළු පාළුවක් නැති වෙලේ වී කරල ඔසවන් පියාඹන බෝසත් ගිරා පෝතකයා ට කැටපොලෙන් විදිමි - කන්ඩවත් මදිකොට බාග මලු අස්සැන්න... අකුරට යවනු වස් බඩගින්නේ හරි දරු පැට්ටු.. එන මං මිස යන මං නැත බෝසත් වඳුර - නලපාන කළ... ගල්කටස්සෙන් වෙඩි තබමි පානාතිපාතය මුසාකර දරු දුක බඩ දුකේ හිරවෙච්ච දේවදත්ත මම... කීඩෑ දළඹු තෙල් නොගැහුවෙමි සිල්වත්කමට නොව හිඟකමට... ආශ්චර්යයක් නම් නොදිටීමි - ගොයං කොළේ මිටි වුවා මිස වැටත් නියරත් ගොයං කා ඇත... කහට විතරක් බොන කුණුකයට වකුගඩු අමාරුව කොහොමත් එකය ඒ වගේද කුසගින්න දරුගින්න... වී මල්ලකින් හැක් ද දුවට ජංගි තුනක් ගන්ඩ... අවේලාවට වැස්ස - කරල් බොල්වෙන රට බීජ- තිස්තුන්කෝටියක් දෙයියෝ අබිං කාලද... පාඩමක් උගන්නන්ඩ උංට සලාක දානේ දෙන්නෑ පන්සලට මම... මළදා අපාගත වෙමි යම ව කළ පවු බලවත් ව රටට බත් දුන්... මන්ත්‍රී ගේ බඩ පලමි. නිලදාරීන් උල තබමි. උංට කඩේ ගිය සාධු ලා - කටු ඉඹුලේ චීවරෙන් එල්ලා ලෝ දිය වක්කරමි. සාදු කියපල්ලා මගේ පොඩි රොත්ත...
කවිය බලන්න