පිළිසිඳ ගැනීම

පිළිසිඳ ගැනීම

කපිල කුමාර කාලිංග

තමන් ගැබ්ගෙන ඇතැයි දැන් වූවාය ප්ලේටොනික පෙම්වතිය දුරස්ථ පෙම්වතාට "මහා පුදුමයකි එය ලොව සිරිතට පටහැනි විදු හුරු ද නොවන" පැවසීය ඔහු. "එය සැබෑවකි" ඉඳුරාම පවසයි ඈ "මා ඔබට ඇති ඉමහත් ප්‍රේමයේ ඵලයක් ය මේ දරුගැබ" එවිට පෙම්වත පැවසි මේ ලෙස "ඉඳිමු තව දස මසක් දැක දරු මුහුණු සැක හැර පියා පුතෙකු නම් ප්ලේටෝ යැයි ද දුවක නම් ප්ලේටොනිකා යැයි ද තබමු නම්" සැ .යු: ඇවැසිය මින්මතු ප්ලේටොනික ප්‍රේමයට ද උපත් පාලනයට මගක් උඩුයටිකුරුව ඇති බැවින් සියල් ලෝ සිරිත් වසංගතයෙන් පීඩිතව.
කවිය බලන්න