ඉස්සී බලමි

ඉස්සී බලමි

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

බඩ ගිනි වෙලා ආවේ නෑ නුඹේ ගෙට බඩගිනි නුඹේ නිවනා සිත වුණා මට සිඟිතිය නුඹේ සුරතල් කරන්නට එපා කියයි මට එන්න ට නුඹේ ගෙට ඉස්සී බලමි වැට මායිමේ සිට සිඟිති ය පෙනේදැයි ඈතින් වුනත් මට සතුටක් ඇතොත් මා ඈතින් සිටින විට මගෙ හිත කෙසේ හෝ වෑවිය හැකි ය මට ඇනෙනව යවුල් මෙන් මේ හැම දේ ම මට වැඩිහිටි වුනත් නුඹ මගෙ සිඟිතිතියයි මට සිතුවම් මැවෙයි නැලවුන හැටි දෙවුර මත ඒ බර බරක් නොවුණා කිසි දිනෙක මට නුඹෙ පෙර ගමන නුඹ අද යා යුතු ව ඇත ලෝ දම් වලින් නුඹ කැළඹෙනු සුදුසු නැත එන එන දේට හිතුවොත් විසඳුමක් ඇත මා මඟ දමා වුව නුඹ යා යුතු ව ඇත 2018 දියණිය නොමනාප වූ දා මගේ මිනිබිරිය දැකීමට කළ තැත අතීතය හා වර්තමානය අතර දෝලනය වෙයි
කවිය බලන්න