තව ඇසේ මට

තව ඇසේ මට

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

දෙපා අඩපණ මහළු ගල්පර සයුරෙ අසිරිය තවම විඳ විඳ අසා එහි දුක් අඳෝනා ස්වර කඳුළු වගුරයි යටින් දිය කඳ කැකුළු ගල් මල් ඇස් පියාගෙන බියෙන් පැමිණෙන තක්සලාවට එහා පුරයේ පාසි බැඳි තැන තිබුණි මුතු මල් ගිලින මෝ කට පසුම්බිය හෙමි හෙමින් සොලවා රන් කාසි පා දුගී මසුනට දියෙහි ඇඳි ඉරි ගලව ගලවා හුවමාරුවක යෙදෙයි හැමවිට දිය නහර නිර්වින්දනය කර කාම ආතුර නපුරු සතුනට අදත් බිලි වී සොවින් ගී සර ගයන ගල්පර තව ඇසේ මට...
කවිය බලන්න