දෙවෙනි ගමන.

දෙවෙනි ගමන.

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

(ණයක් අවශ්‍ය වැ ඇත ) කියවා හදාරා මනාලෙස සැලසුම් සහගතව ම තනියම වැඩියෙ ම් කම්පා ව ධාතු පිරිනිවීමට පෙර. තිස්ස නවතිනු තිස්ස.... කුණුම කන කැරපොත්තෝ ම පිස දාති සිය මුව නිතරම "හයියෙන් ඝන්ටාර ගහන්නෙම ලොකුම පවු කාර උපාසක " අවාසේ පිළිකන්නේ බෝතල් වල පිරිත් පැන් අඩි ඇත සැරට ගොඩ ගොඩ දෙවුදත් වොයිස් කට් දෙත් චැනල් වල සෝපාක දෙසත් මුණි බණ තැබෑරුම් වල අහෝ මනිඅක්ඛිත - අනුත්තර දහම දැන් හොඳට මාකට් ය කුමට වැඩියේ ද කල්‍යාණිය ට විශාල ශබ්දයක් නංවාන? කුණු කන්ටේනර් ද ගිනිගන්න ළඟ නැවු ද ගාණකට ආවොතින් පරමාණු බෝම්බ ද වඩම්මා ගොඩගහත් සුදුරෙදි හොරු කරබාත් සිවුරු හොරු තිස්ස තිස්ස.... නැඟපන් ගල උඩට මුවා එක්කම මෙ සමය නොවේමැ ය ධර්මය ට පියාගෙන් හිඟමනක්‌ ඉල්ලා දෙම් වැසියනට කන්ඩ බොන්ඩ දෙන්ඩ. තෙ වේලකට අරං දෙමි දෙ වේලක මිළ සොරාකා වේලක් කන්න දිය හැක උන්ට.
කවිය බලන්න