සොබා සිරි

සොබා සිරි

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

දිලි දිලි අඹරෙ නෙක තරු කැට පායනවා ඒ තරු එලිය යට පැල මල් පූදිනවා විහඟුන් සතුන් සීපා හඬ රැව් දෙනවා දහමය ඒ සොබා සැමකල පවතිනවා ඇළ දොළ ගලන හඬ සැමදා සිහිවෙනවා කඳුහෙල් මතින් ඒ දිය කඳ බිහිවෙනවා සරතැස නිවාගෙන මහ තුරු වැජබෙනවා ලියවැල් සෙවන ලබමින් නීති සැරසෙනවා හිරු රැස මද නළින් මුසුවී පැතිරෙනවා දළු කොළ ළපටි මල් සුවඳින් ඉතිරෙනවා ගෙඩි මල් අතු රිකිළි බරවී මෝරනවා දසුනින් පවා සිත් සතුටින් ඉපිලෙනවා මල් පැණි පුසුඹ ලොව දස අත විහිදෙනවා මීමැසි සියොත් කැළ ඒ වෙත පියඹනවා පීදුණු ඉදුණු ගෙඩිවල පැණි බේරෙනවා වඳුරන් ගිරව් ලෙහෙනුන් විගසින් එනවා මේ නම් අසිරියකි සුන්දර නිති දකින කොයි කාගෙත් පිනකට නිතැනින් ලැබුන එහි සුව විඳින ඔබ මා කාගේත් ලකුණ රැකුමයි සදා දිවි හිමියෙන් පණ ලෙසින
කවිය බලන්න