මියගිය අයෙක් එවූ ලිපියක කොටසක්.....

මියගිය අයෙක් එවූ ලිපියක කොටසක්.....

රංජිත් ද සිල්වා නවසීලන්තය

සුසානයේ සිට ලියනවගයි ආදරණීය ඔබ සැමටයි මරණේ වැඩ ඉවරවෙලා හත්දොහේ බන කියලා - දානෙත් උයලා පිහලා හුඟක් මහන්සි ඇති නේද .. අවමගුලට ඇවිත් හිටිය හුගක් දෙනෙක් හුග කලකින් දැක තිබුනෙත් නැහැ වාගේ හැමෝම වගේ කතා කලේ රටේ තොටේ දේවල් මිස...... පාන්සකූලේ හමාරවී - අවමංගල සභාවේදී කවදාවත් මම දැකලම නැති - මන්ත්‍රී තුමා එවා තිබූ ශෝක ලිපිය කියවද්දී මා ගැනදැයි ඒ කියන්නේ සිතා ගන්න බැරිව ගියා හත් දවසේ පිංකම දා - කල පින් අනුමෝදනා තවමත් නැහැ නෙව ලැබුනේ නම හරි හැටි නොකිව්වාද - අතර මගදී හැක් කලාද සිතට මගේ හරිම සැකයි ඒ හින්දා තුන්මාසේ - පිංකම කලින් ටිකක් කරගත්තෝතින් හොඳයි නේද මතක ඇතිව අටපිරිකර - පන්සේලෙන්ම ගන්න ඕන එතකොට පින් ගොඩක් ලැබෙයි - තව්තිසාවේ යන්න තරම් තව්තිසාවේ ගියොත් එහෙම බාබුත් එහෙ හිටියෝතින් අහගන්නට පුලුවන්වෙයි එදා මොකද වුනේ කියලා .......
කවිය බලන්න