අනාගත පරපුර උදෙසා වන අපගේ. වගකීම

අනාගත පරපුර උදෙසා වන අපගේ. වගකීම

ලුම්බිනි ගමගේ

අපට ලැබුණු මේ පෘථිවිය අපේ උරුමයක් යැයි සිතා අප කැමති ලෙස වැය කළ හැකි වස්තුවක් නොවේ... එය හෙට උපදින දරුවන් අපේ අත්වල තැබූ නොලියූ පොරොන්දුවකි. අද අප කපන ගසක සෙවණැල්ලක් පමණක් නොව, හෙට දරුවෙකුගේ හුස්මක් නිහඬව බිඳ වැටෙයි. අද අප දූෂණය කරන ගංගාවක මිය යන්නේ ජලය පමණක් නොව, තවමත් නොඇසුණු අනාගතයක ගීයකි. ඒ නිසා අපේ පියසටහන් මත අඳුරක් නොව ආලෝකයක් තබමු; අපෙන් පසු එන පරපුරට ලෝකයක් නොව— ජීවත් විය හැකි ලෝකයක් ඉතිරි කරමු. මන්ද, අනාගතය අපට අයිති නැත; එහෙත් එහි දොරටුවේ යතුර අදත් අපේ අතේය
කවිය බලන්න