සෙබළ ආදරය

සෙබළ ආදරය

ලුම්බිනි ගමගේ

තල් වැට මායිමේ සුන්දර වන දහනේ බර ගිනි අවිය තනියට සුරතේ රැඳුනේ තනිකම දරා ගැනුමට සිත දිරි ලැබුණේ නුඹගේ ආදරය හද තුල නිති රැඳුනේ වැටෙනා හුස්ම ගානේ නුඹ සිහි වෙනවා දින සති ගනින්නට සිත යුහුසුලු වෙනවා ලද පොඩි විරාමය සිතුවිලි තෙරපෙනවා තුන්තිස් පැයේ නුඹෙ තුරුලේ සැතපෙනවා රට රැකුමටයි ගිනි අවි සුරතට ගත්තේ දැය දිනුමටයි සිත දිරි බල ලැබ ගත්තේ නුඹෙ ආදරෙයි මගෙ පණ නළ රැක ගත්තේ සිප සනසන්නෙ මගෙ ආදරෙ නුඹ මත්තේ Photo Credit: Diana Australis
කවිය බලන්න