මිතු⁣රනේ  ඒ නිරෝධායනය කළ මිතුරාය

මිතු⁣රනේ ඒ නිරෝධායනය කළ මිතුරාය

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

කපා අඹ ගෙඩියක් විලස බුහුටිව නෙල්ලි ගෙඩියද බෙදා හද බැතියෙන සම ලෙස මිතුරු කන්දටද පා මුලට ද සුව ලැබුව මිතුරාය... බිරිය දූ දරු පමණක් නොදුන් වෙසතුරුය.. පරෝපාකාරයෙන් හිත බැඳුණ.. ම්තුරනේ නුඹලාගෙ ලඟ රැඳුන නි⁣රෝධායනය කළ අද.. සැකෙවින සැකයෙන.. කුටුම්බයෙ සුසුමින් පවන් සැලුනා මිසක ඇඟිලි කීයද තට්ටු කෙරුවේ ඒ හිත් දොරට.. සෙල්පෝන් සිනා කෙළි කවටකම් විෂබීජ හරණයව ගොලු විණිද? හඩකින පවා ඇදෙති ය බියෙන වෛරස.. ඇද දැමුවෙද මිතු දම පයිසෙට.. සැගවිණිද "සකිසඳ" සඳ.. නුඹ ව අනුපූරක ව කතා නම් ඇත දසතම.. නුඹ රැඳුණු, ආව ගිය තැන් ගණින.. පාවා දෙන සන් කරන.. පාප මිතුරකු ලෙසින ගොනු කරන බලන් ඒ සොඳුරු මිතුරු කැළ.. රෝග කාරක පවා නැතිවද හමුව දීග දෙන සමගින ඒ දායාද ලෝබ නැතිවම මිතුරනේ නිරෝධායනය කළ මිතුරාය ඒ.. සැකවින් ම සැකයෙන.... නෙල්ලි ගෙඩියෙද කවා නෙක මිතු රස කන්දටද පා මුලටද බෙදූ සම ලෙස සිපිරි ගෙට යැවූ නුඹලාම ⁣රෝග කාරක පවා නොමැතිව හමුව.
කවිය බලන්න