වියපත් අම්බපාලිය
මොනර පිල් කෙස් කළඹ සුදුව දැන් ගැලවෙනා
අඳුර මැද වුව දිලුණ දෙඇස් නිති බොඳවෙනා
පුයර ගැල්වූ කොපුල් රැළි මතුව වැහැරෙනා
සොඳුර මගෙ වෙනවාද කිසිවෙකුත් නොඅසනා
නා දළුවෙ පැහැය කිව් රත් දෙතොල් වියැළිලා
පා සළඹ සොලවමින් ගිය ගමන් නැවතිලා
මා නැතුව බැහැ කියපු අය කොහෙද සැඟවිලා
පාලුවෙන් දිවි යැවෙන, මාවතේ තනිවෙලා
ගෙවී ගිය හැටි ඉගිල, අරුමයකි කාලය
මැවී එයි දිවා රෑ සුරපුරක තාලය
තැවී දැන් පල නොමැත කිසිවෙකුගෙ ආලය
නිවී සැනසෙමි ඉවත් කර කෙලෙස් මාලය
කවිය බලන්න
