ලොවට පෙනෙන්නට​

ලොවට පෙනෙන්නට​

පී. බී. ගුණරත්න​

පෙම් රස සොයමින් ඇදුනා රන් හුය දෑඟිලි බැඳුුනා පුංචි කිරිල්ලියො දෙදෙනා සංතෝසය මැද වැඩුනා රට රස්සාවක් ලැබුණා දුරු කතරක ගොස් රැඳුනා නුඹේ අමුත්තක් පෙණුනා කැදැල්ල දෙදරනු දැණුනා මෙරටට ඉඳ හිට පැමිණා නැවත එරට යයි සැනිනා කැදැල්ල තුළ මුත් දෙදෙනා දෙපසට හැරිලා නිදනා සෙනෙහස වියැකෙනු දැණුනා වසරට දෙකකට දකිනා ලොකු වූ පැටවුන් දෙදෙනා අසරණ වන හැටි පෙණුනා ලෝකය ඉදිරියෙ දෙදෙනා නේක සිනා මුව රඳනා වේ, රැවටෙන දන දකිනා ඒ මැයි ඉවසුම් නොදෙනා සද්දෙට මහ හඬ රැගෙනා කෑ ගසනටමයි හිතෙනා ඒත් දාව උන් දෙදෙනා මාගෙ කඳුළු හිර කරනා
කවිය බලන්න