ඔබ නැති මම

ඔබ නැති මම

ජයන්තිමාලා පෙරේරා

තවත් දවසක් උදාවන තුරු හිරුත් සැඟවී යන වෙලාවක සයුරු තෙර සිට සුසුම්ලන විට ජීවිතේ නැවතුන නිමේෂෙක රුදුරු මුදු කරුණාව කැලතුන සොඳුරු දිනයක ඇති නිමාවක විහඟ ගී නැති නිසල මොහොතක මෙමා තනිවී කල්පනාවක කැදලි වෙත යන කුරුලූ පිරිවර ගෙනෙයි තනිකම සිත දවා අඳුරු සළුපිළි අතුරලා ඇත නිල් අහස් කුස සරසවා සයුරු තෙර වැලපෙන්න අරඹයි නිහඬ බව මදකට නිවා ඔබ ද නැති මම සිනහ වෙන්නට හදමි නෙක සිතුවිළි මවා කළුව රජයන අහස යට ඇත පුන් සඳේ ඔබ සැඟවිලා තරු ද නැත අද එළිය දෙන්නට වලාකුළකට පැරදිලා පුලින තල මත මැවෙන පියවර මතක සටහන් අතුරලා සසර කළ හොඳ නරක දෙකට ම සිරස නැවුමට සිදු වෙලා මලිති බට්ටිත්තන්ගෙ තුඬ’ගෙහි රැඳුන රස කවි කැරැල්ලේ තිබුණ සුමිහිරි හැඟුම තුරුලට ගන්න මගෙ හදවත ඉගිල්ලේ ඔබේ කිංකිණි සිනා හඬ නැති රුදුරු දුක්බර මේ කැදැල්ලේ විහඟ ගීයක නොමැත මිහිරක් සවන් ˙දවනු මිස නිදැල්ලේ රජත වූ වන් සඳේ කැන් හා දැවටිලා එන රැස් වළල්ලක සදා සෙනෙහස ඔබේ ලෝකෙට මං එවන්නම් සුළං රැල්ලක කවුළු දොර හැර තියනු මැන ඔබ හාදු මුසුකරලමින් සුවඳක පිපී හිනැහෙන මලක පෙති සිප විඳින්නට හැක මිහිරි මතකය දිගු ම රැය තුළ සිහිනයක් වී සොඳුරියේ ඔබ වෙතට එන්නම් ලයේ සෙනෙහස දැනෙයි නම් ඒ රැය නිමාවන තුරු රැදෙන්නම් සිසිල් දෙනෙහෙි සුසුම් තවරා මදනලින් උනුසුම් කරන්නම් මගේ දිවිය ම ඔබට පුද කර අසිරිමත් ලොව පහන වෙන්නම් කඳුළු මුතු කැට එකතුකර හැම විසිකරන්නම් ඈත අහසට හාදු වැස්සක් කර එවනු මැන මට තෙමෙන්නට හිතේ හැටියට හිමිකමක් නැති ඔබේ සුරතෙහි මොහොතකට හෝ වෙළී ඉන්නට බැරි කිමද මට දුරින් හිඳ තව තවත් සොඳුරුව පෙම් කරන්නට
කවිය බලන්න