සිප් විල ඔප කළ සුවඳ පියුම​

සිප් විල ඔප කළ සුවඳ පියුම​

කල්‍යාණි ලියනගේ

එච්. එල්. කල්‍යාණි ලියනගේ ඔවදනේ නිති තවර දුන්නේ යහගුණය වේම​ උවනතේ පිපි සිනා මල් තුළ දයාවකි බෝම​ සිසිලසේ මුව ගෑව සිප්කිරි මතක ඇත තාම සෙනෙහසේ රන් දියර ඉස්සා මවුපියන් සේම​ උගත්කම තව තියා නොගෙනම බෙදා දිරිගැන්වී සොයන් යන්නට කිරුළ අබිමුව නියම මග පෙන්වී මහත් වෙහෙසක් දරා සිප්නැණ තැවරු සුපහන්වී දිනක් කුමටද ඔවුන් වැඩ ඇත හදෙහි දෙවියන්වී ජයක් ලද විට නෙතට නොදැනිම කඳුළු බිඳු වැටින​​ දඟක් කළහම පෙන්ව දුන්නේ ළමුන් ලෙද රැගෙන​ සියක් පත් වී පිපී සිප්විල අප සුවඳ කෙරුන​ බුදුන් පුදනා දෑත් එක්කොට වඳිම් හද බැතින​
කවිය බලන්න