මට පිහාටු නැත්තෙ මොකද?

මට පිහාටු නැත්තෙ මොකද?

ජයන්තා මිහින්දුකුලසූරිය

රෝස ,ඉද්ද,සමන් පිච්ච මිදුල පුරා මල් පිපිලා පුංචි මිණිපිරී,මල් මැද පැණි සොයනා සමනලයෙක්! සුරංගනාවක දෝතින් ගිලිහුනු කුසුමක් විලසින් නිවස පුරා සුවඳ බෙදන ඇය දිලෙනා මිණි පහනක්! මොළකැටි,මුදු,සුමුදු,අතින් අත්තම්මගෙ අත අල්ලන් මිදුල පුරා පිය මනිනා මිණිපිරී ට ගැටළු ගොඩක් ! අත්තම්මේ ,දේදුන්නට පාට ගොඩක් ගෑවෙ කවුද හැන්දෑවට අහස පුරා පාට ගාන්නේ කව්රුද කුරුල්ලන්ට ඉගිල්ලෙන්න අත්තටු දුන්නේ කවුරුද අත්තම්මේ කියල දෙන්න මට පිහාටු නැත්තෙ මොකද ? 2025.4.3.
කවිය බලන්න