රහස

රහස

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

ගලනා ගඟක විහිදෙන මුදු සුසර හඬයි හමනා නල රැලක සැඟවුණු සුමුදු සුවයි වැටෙනා දිය පොදක සිසිලස දැනෙන විටයි හැගෙනා සසර කළ පින් හී පිරුණ වගයි --- මලකට සුවඳ මල නිති ලැබු සම්පතකි ගගුලට ව්ලට මිරිදිය එහි සිතුමිණකි විලකට නෙළුම් මානෙල් මල් රසදුනකි කලකට සිතට සැනසුම දෙන මදුවිතකි --- ගස් වැල් සේම කදු කලුගල් වැඩෙයි ලොවේ තරු මල් කැකුළු සඳ වටකොට දිලෙයි බවේ සුව්සල් මැදුරු වුව එලෙසම තිබෙනු නොවේ දුටු කල් ඉසුරු නැතිවුණු සද සිතින් තැවේ --- පිපි මල් සුවඳ නටුවට නොදැනෙනා වැනි හැපි හැපි සතුටු වන සද අසතුටද ව්ණි කිපි කිපි සිටියහොත් සුවයක් නොවෙන දැනි ලොව අද මෙහෙම ඉන්නේ කළ පිනින් දිණි --- සඳ රැස් වැටෙන්නේ නොසොයයි බිම් තීරු වද දුක් විඳින්නේ නැති වෙන කොට වාරු විද නැති දියෙහි සිසිලස එහි ඔරුපාරු අද දුක් ව්දින්නේ සැප අහිමිවැ සීරු --- කොතරම් ගෙරෙවුවත් නොසැලෙයි දුර අහස මනරම් දසුන් වුව ගෙන දෙයි දුක් පහස බැරිකම් ඇතත් නැතිකම් වදදෙයි මනැස මතු යම් දිනක දත යුතු නොවැ එහි රහස Photo Credit; Alan Jones ============================ රාජ්‍ය කලාභූෂන කිවිපති ඩබ්ලිව් කේ සරත් විමලසිරි =-=====-----=-=====---------=== 10/3/2025
කවිය බලන්න