ගල්කිස්ස වෙරළ මතක පොත

ගල්කිස්ස වෙරළ මතක පොත

තේජා රාජපක්ෂ ෂිආන් චීනය

කැසරෝල් අවන්හල කවුළු දොර මැවෙනවා උඩ මහලේ ඉඳන් මට හාද්දක් එවනවා ඔබ ආසා චිකන් ග්‍රිල් මතකයට වඩිනවා නතර වූ දෑස් මං හෙමින් ඇද ගන්නවා මා එක්ක ගතු කියා දබර වූ දවසක ඔබේ ඇස් නැලවුණා ලයන්පබ් එක කොනක මධු විතක පොඟවාලු රස වදන් ඇමතුමක ඇහෙනවා හඬ තවම කැලිප්සො රිද්මයක ගල් පරෙක නැවතිලා නැව් ගැනපු ඉසව්වක වළලු හිනැහෙන අතක මුදු සුවය විඳිනවාද ලැවීනියා හෝටලයේ පෙම් පිරූ කොනක හිද මංගල පැකේජයක තොරතුරු අහනවද මුහුදු නළ අසාත්මිකව මා ගත පෙළූවත් සිප්පි කටු සොවිත් මා පය ඉරෑවත් වෙරල ඉම මතක පොත ගිනිලා වැසූවත් පොකුරු මල් පලස්මත මවනු තව පෙම් පුවත් ෂිආන් චීනය
කවිය බලන්න