සිතනු මැනවි

සිතනු මැනවි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අසම්මත ප්‍රේමයෙන් බැහැ ලොවේ වැජබෙන්න සබඳ අනියම් වෙතොත් නොහැක ලොව ජයගන්න කිසිවෙකුට බැහැ ලොවේ වැරැද්දෙන් රජවෙන්න මල් වගේ සුවඳ හැර බැරි වගේ පිබිදෙන්න --- හිරු මඩළේ හිරු නැතොත් ලොවම ගනඳුරු වේව් සඳ මඩළෙ සඳු නැතොත් තරු කැකුළු නොදිලේව් සිඳු පියසෙ මත්ස්‍යයන් නැතොත් දිය තනිවේවි ඔබ ඔබට ළං වුණොත් බැදෙන්නෝ හැරයාවි ---- කල්ප රුක්ෂය වුණත් ඵල නැතොත් මියයාවි මිනිස් පුලුටක් නැතිව ඇති මැදුරු තනිවේවි මල් පිපෙන්නේ නැතොත් විල් පවා මඩවේවි මවු පියෝ හැර ගියොත් දූ දරුවෝ වැනසේවි ---- චන්න කිදුරියට හෝ කිදුරගට පණදෙන්න හැකිවුණේ සසර ඈ පතිනියක සේ වුන්න දෙපසකට වැටි ගිරව් දෙවිදියක රජවෙන්න පෙළඹුණේ බැරිවුනින් හොඳ නරක දැනගන්න ---- ටිකෙන් ටික හෝ වුණත් කඳු පවා දළුලන්නෙ පරිසරය අත දුන්න නිසා වෙනි දැනගන්නෙ බිජුවකින් පවා නොවැ, මහා ගස් උපදින්නෙ මේ දහම නොදත්තෝ අගතියට මය යන්නෙ 27/9/2024 0711481624 Photo credit; Frank Thiemonge
කවිය බලන්න