පුන්සඳත් නවතිනවා ඩිංගක්

පුන්සඳත් නවතිනවා ඩිංගක්

සහන් තීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර සරසවිය

අතෝරක් නැති නැටුම් මැද්දේ නිවන් යන්නට පාර කියනා සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ පුන්සඳත් නවතිනවා ඩිංගක් පින් බලෙන් වැඩි වුණත් සහසැස් නටන ගොජ ගොජ ගගා පින්සිත් තාපයෙන් රත් වූ අසුන මත හිඳ නොගෙන පා බාම් ගල්වත් පිඹින ගින්දර මකර සේනා ලෝල දේ වට්සැප් කරත් ඉඳුරන්ව දමනය කරන සිත් ලැබෙන දේ පමණක් බුදිත් දකින හැම පිළිමෙටම වඳිනා මහා හඬ දී සාධු කියනා උපාසක බළලුන් උනත් උන් හොර හොරෙන් අල්ලනවා මීයන් අතෝරක් නැති නැටුම් මැද්දේ නිවන් යන්නට පාර සොයනා සැදැහැවත් පෙම්වත් සිතක් ළඟ පුන්සඳත් නවතිනවා ඩිංගක් ශ්‍රී ජයවර්ධනපුර සරසවිය
කවිය බලන්න