බිම උරුමය බැහැ මුදලට දෙනු පාවා....

බිම උරුමය බැහැ මුදලට දෙනු පාවා....

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

පෙර දිග මුතු ඇටය සහ     දම් දිවයින ය මුර   කළ පොරණ විරු ලෙය මිහිදන්  බිම ය නිර  දොර වැසූ    බුදුනට පිදු  සිවු   දෙස ය පර දුසිරිතට බිම දෙනු අදහනු    බැරි ය තම දොරකඩ ඇති හොංකොං බදු              දේසේ කිම චීනට සුද්දව පිට කළ                       තෝසේ ? ඉම හෙළ බිම දෙතොත් පර දෙසු හට           වාසේ සැම නො දැකුම පුදුමයි   එහි  ඇති             දෝසේ පෝට්    සිටියෙ මණ්ඩලයට බලය                 දෙන නැත    නීතියෙ පුරවැසි කම          ඇවැසි        වන එම් සී සී     යෙ නිලදරු හට          යටත්        වුණ දොස් දැක බියෙ,අද කෙලෙසද එකඟ          වෙන ? වහ  වුණු  අපට එම්සීසි යෙ                     සන්දේසී රහ වෙනු බැහැ  පෝට්  සිටියෙ             කොන්දේසී බහ දෙනු  කෙ ලෙස ?  රට -  දැය කර    වෙන්දේසී පහ  වුණු  විට නැහැ පල,   ලද                 බන්දේසී එම් සී සි  ය - පෝට් සිටිය   මොක              වේවා බිම උරුමය බැහැ   මුදලට දෙනු                   පාවා යළි  පිබිදිය   යුතු,  දිවි පිදු   විරු                 හේවා නිදහස-දැය  මතු දරු හට   රැක                  දේවා !
කවිය බලන්න