සිතුවිලි ඕඝය

සිතුවිලි ඕඝය

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම ලන්ඩනය

ඉඳුරන් දෙන‌ බොරු ‌ තොරතුරු අරගෙන
මැ‌වෙනා සිතුවිලි ගංගාවේ
අපේ හිතේ ඇති ඇත්ත වැසී ඇත
පුහුදුන් සිතකට එය නොදැනේ
අරහත් බව හා නිවන සනාතන
පිටින් ලබාගන්නට බැරි දේකී
එයයි සිතේ ඇති ඇත්තම තත්තේ
අපමයි එය මතුකළ යුතු වෙන්නේ
සිතුවිලි පහවී හිස්වුණු සිතකයි
රහත් බවත් නිවනත් මතුවෙන්නේ

කවිය බලන්න